කුවෙට්හි හිරවුණු සේවිකාවන් පිරිසක් සිය රට ඇවිත්

කුවේට් හි ගෘහ සේවය සඳහා ගොස් විවිධ වධහිංසනවලට ලක්වූ කාන්තාවන් 35දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීමෙන් අදාළ පිරිස දිවයිනට රැගෙන විත් ඇති බව අප වාර්තාකරු පවසයි.

තමන් සේවය කළ නිවෙස්වලදී එම නිවෙස් හිමියන්ගෙන් විවිධ හිංසනවලට ලක්වූ මොවුන්ගෙන් ඇතැමුන්ට සේවා කාලය තුළ වැටුප් හිමිවී නොමැති බව ද වාර්තා වේ.

තමන් මුහුණ දුන් දුෂ්කරතාවන් පිළිබඳව එම කාන්තාවන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.

එහිදී එක් ගෘහ සේවිකාවක අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය.

“මං අවුරුදු තුන හමාරක් එහේ හිටියා. පාන්දර හතරේ ඉඳන් රෑ දොළහ විතර වෙනකල් එක දිගට වැඩ. අසනීපයකට වත් විවේක ගන්න ඉඩක් ලැබුණේ නෑ. ඒ ගෙදර අය මට සතෙකුට දක්වන තරම්වත් කරුණාවක් දැක්වූයේ නෑ. සමහර අවස්ථාවල පහරදීම් පවා සිදුවුණා. ඒ සියල්ල මට ඉවසාගෙන ඉන්න සිද්ධ වුණා”.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435