කුවේටයේදී රහසිගතව මත්පැන් සැදූ ලාංකිකයෙක් පොලිස් අත්අඩංගුවේ

කුවේටයේ සල්වා නගරයේ ලාංකිකයෙකු විසින් පවත්වා ගෙන ගිය නීතිවිරෝදී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කුවේට් ආරක්ෂක අංශ සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ වැටලීමේදී මත්පැන්ගාරය පවත්වාගෙන ගිය ලාංකිකයාද අත් අඩංගුවට පත්ව ඇති බවත් සඳහන්.

අදාළ ලාංකිකයා කලක් තිස්සේ කුවේටයේ රැකියාව කළ අයෙක් වන අතර ඔහු නවාතැන්ගෙන සිටි මහල් නිවාස සංකීර්ණයේම මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ. අත් අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී මත්පැන් බැරල් 39ක් හා නිෂ්පාදන උපකරණ තොගයක්ද කුවේට් ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇත.

ආරක්ෂක නිලධාරීන් රාත්‍රී මුර සංචාරයේ යෙදෙන අවස්ථාවක සැකසහිත ලෙස බෑගයක් අතැතිව පැමිණි පුද්ගලයෙක් ආරක්ෂක නිලධාරීන් දැක බියට පත්ව බෑගයද වීසිකර දමා ඇවත ගොඩනැගිල්ලට දිවගොස් තිබෙනු දැක තිබේ. එහිදී වහා ක්‍රියාත්මකව ඇති නිලධාරීන් එම ගොඩනැගිල්ලම පරීක්ෂාවට ලක්කර තිබේ.ෙ

එහිදී රහසිගතව පවත්වාගෙන ගිය මෙම මත්පැන් නිෂ්පාදනාගාරය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435