කුවේටයේදී සියදිවි නසාගත් ලාංකිකයාගේ කතාවේ නොදුටු පැත්ත මෙන්න!

කුවේටයේ සේවය කලා ලාන්කිකයෙකු පසුගියදා කුවේටයේ හවාලී හි මහල් නවයකින් යුතු නිවාස සංකීර්ණයකි සිට බිමට පැන සියදිවි නසා ගෙන ඇති බව වාර්තා විය.

එහිදී මියගිය අය විසින් තරුණියකට හියුණු පිහියකින් දරුණු ලෙස තුවාල කොට පසුව ඔහු මෙලෙස නිවාස සන්කීර්ණයෙන් බිමට පැන තිබේ.

බිමට ඇද වැටීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු මියගිය ඇති අතර පිහි ඇණුමට ලක්වූ තරුණිය රෝහල්ගතකර වැඩිදුරට් කුවේටයේ මුබාරක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි කුවේට් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ තරුණයා හා තරුණිය විවාහකයින් වන බවත් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා සිය බිරිඳට දරුණු ලෙස පහර දී කිහිප සැරයක්ම පිහියෙන් ඇන තිබේ. ඇය මියගියේ යැයි සැකකර අදාල ලාංකිකයාද සියදිවි නසා ගෙන ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් කුවේට් ආරක්ෂක අංශ ප්‍රකාශකර සිටින්නේ දෙදෙනා අතර ඇතිවූ ආරවුල දිගු වේලාවක් පැවති බවත් අනතුරුව කෑගැසිම් නැවතුන බැවින් දෙදෙනාගේ ආරවුල විසඳී ඇති බව සිතූ බවයි. කෙසේ නමුත් එම අවස්ථාවේදීම තරුණයා මහල් සංකීර්ණයෙන් බිමට වැටී තිබෙන බව දැනගත් වහාම කාන්තාව පිළිබඳ සොයා බැලීම් සිදුකළ බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435