කුවේටයේ අසරණ වූ 36ක් ආපසු ඇවිත්

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැර, කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද(09) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මව්බිමට පැමිණ තිබේ.

ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වූහ.

ඔවුන් අද උදෑසන 6.30ට කුවේට් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ කටුනායක ගුවන් තොටුපළ ළඟා වූ බව වැඩබිම වාර්තාකරු පවසයි.

මාස 05 ක දරු ගැබක් හිමි ගර්භනී කාන්තාවක් සහ, පහරදීම් නිසා ආබාධිත තත්ත්වයේ පසුවන කාන්තාවක් ද මෙම පිරිස අතර සිටි බැව් හෙතෙම අනාවරණය කළේය.

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ තම පැමිණිළි සටහන් කිරීමෙන් පසු  ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435