කුවේටයේ ඇඳිරි නීතිය සංශෝධනය කරයි – අලුත්ම නිවේදනය මෙන්න

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින් කුවේර් රාජ්‍යය පසුගියදා පැය 24 පුරාවට ඇඳිරි නීතිය බලාත්මක කළ අතර නැවත එය සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව පැය 24ක් පුරාවට පැවති ඇඳිරි නීතිය පැය 12කින් අඩු කිරීමට තීරණය කර තිබෙන අතර පස්වරු 6.00 සිට පෙරවරු 6.00 දක්වා පමණක් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

එමෙන්ම, ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම අදියර තුනක් යටතේ සිදුකිරීමටක්‍රියාමාර්ග ගෙන ඨැහි අතර මෙලෙස ඇඳිරි නීතිය බලපැවැත්වෙන වේලාවන් වෙනස් කිරීම එහි මුල් අදියර යටතේ ගැනෙන බවයි කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435