කුවේටයේ කොරෝනා අවදානම තවත් ඉහළ යයි- ප්‍රවේශමෙන් සිටින්න

කුවේටයේ ගත වූ පැය 24ක කාලය ඇතුළත කොරෝනා රෝගීන් 836ක් වාර්තා වී තිබෙන අතර අද වනවිට සමස්ත ආසාදිතයින් ගණන 54.894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24ක කාලය ඇතුළත පුද්ගල මරණ 04ක් වාර්තා වෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 390ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේවනවිට බරපතල තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණය 151කි.

සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 44,610කි.

කුවේටය තුළ කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවින් ඔබත් කුවේටයේ සිටින අයෙක් නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. හැකි සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න.නිවසේම රැඳී සිටින්න.

වැඩබිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435