කුවේටයේ ගුරුකම් කළ ලාංකිකයාට වැඩ වරදී

කුවේටයේ දී නීති විරෝධී අන්දමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල නිරතවූ ලාංකික පුද්ගලයෙකු එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම පුද්ගලයා විසින් එක් ගුරුකමක් සිදු කිරීම සදහා කුවේට් ඩිනාර් 250ක මුදලක් අයකර ගෙන තිබෙන බවයි. එම මුදල ලංකා මුදලින් ගත් කළ රුපියල් එල් ලක්ෂ විසිහතරදහසක් පමණ මුදල් ප්‍රමාණයකි.

මෙම සැකකාර ලාංකිකයා විසින් කුවේට් ජාතිකයින් සදහාත් එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහාත් සිය සේවාව ලබා දී ඇති අතර අහිමිවූ රැකියා නැවත ලබා දීම, හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වා දීම ඇතුළු නොයෙකුත් ප්‍රශ්න ආදියට ගුරුකම් යන්ත්‍ර මන්ත්‍ර වලින් විසදුම් ලබා දීමට කටයුතු කර තිබේ.

කෙසේ නමුත් මොහුගෙන් සේවාවන් ලබා ගත් පුද්ගලයින්ට බලාපොරොත්තුවූ ආකාරයේ විසදුම් ලබා ගැනීමට නොහැකි වූ නිසා ඉන් කිපුණු පිරිසක් විසින් කුවේට් ආරක්ෂක අංශය වෙතට පැමිණිලි කර ඇති අතර වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරීන් සැකකාර ලාංකිකයාව අත්අඩංගුවට ගෙන තිබේ.

කුවේටයේ බලපැවැත්වෙන ෂරියා නීතියට අනුව එරට තුළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් වන බැවින් අත්අඩංගුවට පත් ලාංකිකයාට එරෙහි තදින් නීතිය ක්‍රියාත්මක වෙනු ඇතැයි එරට ආරංචි මාර්ග වාර්තා කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435