කුවේටයේ ගෘහසේවයට ගිය කතක් නිවැසියන් අමානුෂික ලෙස ඝාතනය කරයි

කුවේට් රාජ්‍යයේ හි නිවසක සේවය සඳහා පැමිණි විදේශික ගෘහ සේවිකාවක් ඝාතනය කිරීමේ චෝදනා මත කුවේට් ජාතික කාන්තාවකට දඬුවම් ලබාදී තිබේ.

අදාල ගෘහ සේවිකාව ඉතියෝපියානු ජාතික අයෙක් වන අතර දරුණු පහරදීමකින් මරණයටපත්කොට ඇති බවයි පොලිස් පරීක්ෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් සැකකාර කුවේට් කාන්තාව මින් පෙරත් මිනිස් ඡාවාරම් සම්බන්ධයෙන්ද වරදකරුවෙකු බවට චෝදනා ලැබ ඇති අයෙක් වන අතර ගෘහ සේවිකාවගේ ඝාතනයත් සමඟ බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ.

නඬුව විභාගවන අවස්ථාවේ අදාල නිවැස් හිමි කාන්තාව විසින් පාපොච්චාරණය කර ඇත්තේ ගෘහ සේවිකාව නිවසේ රාජකාරි කටයුතු නිසියාකාරව නොකරන බැවින් ඇයට දඬුවම් කිරීමේ අරමුණින් පහරදීම සිදුකල බවයි. නමුත් අවාසනාවකට ගෘහ සේවිකාව මියගොස්තිබේ.

නමුත් අවසානයේ නඩු විභාගයකින් අනතුරුව සැකකාර කාතාව බන්ධනාගාරගත කර ඇති අතර මිනිස් ඝාතනයකට හිමි දඬුවම් ලබා දීමට තීරාය කරඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435