කුවේටයේ රථ වාහන අංශයෙන් විශේෂ සිහිපත් කිරීමක්!

කුවේට් රථවාහන පොලීසිය විසින් එරට ජීවත්වෙන සියළුම දෙනාට වැදගත්වෙන පුවතක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ඔබ වාහනයක ගමන් කරමින් සිටියදී තවත් රියදුරෙකු විසින් මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරනවා දුටුවහොත් එසැනින් එය වීඩියෝගතකර පහත දැක්වෙන දුරකථන අංකයට එවීමට වගබලා ගන්නා ලෙසයි.

==හදිසි දුරකථන අංකය==
(99324092)

එවිට කුවේට් රථවාහන පොලීසිය විසින් වහා ක්‍රියාත්මකවී අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන අතරම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් නිවේදනයේ සඳහන්.

ඔබත් රිය ධාවනයේදී මාර්ග නීති කඩ කිරීමෙන් වළකින්න. හැකි සෑම විටම මාර්ග නීති අනුගමනය කරමින් රිය ධාවනය කරන්න. ඔබේ ආරක්ෂාව මෙන්ම අනෙක් අයගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න.

වැඩබිම

වීඩියෝව උපුටා ගැනීම – Sri Lankans Living in Kuwait

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435