කුවේටයේ රැඳී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනේ

කොවිඩ් නයින්ටීන් වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශය කර තීබේ.

විදෙස් රටවල රැදී සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද දිනයේ අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව කුවේට්හි රැදි සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.

කොරෝනා වසගත තත්ත්වයත් සමඟ කුවේට් රජය විසින් එරට සිටින විදේශිකයින්ට සිය මව් රටවල් බලා යාමට පොදු සමා කාලයක් ලබා දුන් අතර එම කාලවකවානුව තුළ මව් රටවලට යන අයට කිසිඳු දඬුවමකින් තොරව හා දඩ මුදලකින් තොරව නොමිලේම සියළු පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී.එමෙන්ම නැවත කුවේටයට පැමිණීමටද අවස්ථාව ලබා දෙන ලදී.

එනමුත් නීතිවිරෝධීව එරට රැඳී සිටින යම් විදේශිකයෙකු පොදු සමාකාලය තුළ පිටත්ව නොගොස් තවදුරටත් නීතිවිරෝධී අන්දමින් කුවේටයේ රැඳී සිටිනවානම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතරම නැවත කුවේටයට පැමීණීමටද අවස්ථාව නොලැබෙන බවත් කුවේට් රජය ප්‍රකාශයට පත්කෙරුණි.

මෙවැනි තත්ත්වයක් තුළ කුවේටයේ රැඳී සිටින ලාකිකයින් මෙරටට රැගෙන ඒම සඳහා එරට තානාපති අංශ සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435