කුවේටයේ ලාංකිකයින් පිරිසක් එරට තහංචි නොතකමින් උද්ඝෝෂණයක

වීසා නොමැතිව නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයකට ආසන්න  පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමීණීම සදහා  ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා   එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ  උද්ඝෝෂණයක නිරතවී ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පිරිස (21 දින) පෙරවරුවේ මෙම උද්ඝෝෂණයේ නිරතව ඇතැයිද පැවසේ.

මෙලෙස මෙම ලාංකිකයින් පිරිස  කොරෝනා වෛරසය නිසා කුවේටය පුරා පනවා ඇති දැඩි නීතිරීතිද නොතකමින් මෙම උද්ඝෝෂණය කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ලබා දී ඇති අතර ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට යෑමට නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිපියක් ගෙන එන ලෙසට කුවේට් රජය දැනුම් දී ඇත.

මෙම ලිපිය ලබා ගැනීම සඳහා තමන් දින කීපයක් තිස්සේ තානාපති කාර්යාලයට පැමිණී බවත් , එලෙස (21 දින) අලුයම  හතරේ සිට එහි රැඳී සිටියත් තානාපති කාර්යාලයේ එම ලාංකික ශ්‍රමිකයින් සමග කිසදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

වීසා නොමැතිව රැඳී සිටින ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් මෙම මාසය ඇතුළත එරටින් පිටවිය යුතු බවට නීති පනවා ඇතත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊට අදාළ ලිපි ලේඛන ලබා නොදෙන්නේ යැයි එම ලාංකිකයෝ චෝදනා කර සිටිති.

මේ අතර  (22 දින) එරට සිටින ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ  නිවේදනයක් නිකුත් කරමින් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේ කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් දඩ මුදල් ගෙවීමකින් තොරව සියරට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය කුවේට් රජය සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවය.

නමුත් යලි දිවයිනට  යැවීමේ ක්‍රියාවලිය ඇරඹිය හැක්කේ ලංකාව තුළ කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කොට කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. AuthorAbv says:

    හරිම අමානුෂික තීරණයක් කුවේට් බලධාරීන් ගෙ. හැමරටක්ම එයාර්පෝර්ට් වහල කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම නිසා. එබඳු අවස්ථාව ක රටින් පිටවන්න කිවුවා ම කොහොමද මේ මිනිස්සු යන්නෙ. එහෙනම් වීසා නැති අය මීට කලින් පිටත් කරන්න තිබ්බා නීත්‍යානුකූල නොවන නිසා. කාලකන්නි මිනිස්සු ගැන එකෙක් හිතන්නේ නෑ . විදේශිකයන් ඇවිත් උන්ගෙ රටවලට වැඩ කරල දුන්නාම ඇති. අපේ රටට සල්ලි යැවුවාම ඇති. උන් මැරුණත් කමක් නෑ. එහෙම හිතන් ඉන්නෙ.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435