කුවේටයේ විදේශික ශ්‍රමිකයින් 102,280කට නේවාසික වීසා අහිමිවී යයි

කුවේටයේ නේවාසික වීසා අපේක්ෂාකළ විදේශ ශ්‍රමිකයන් එක්ලක්ෂ දෙදහස් දෙසිය අසූවකට නේවාසික වීසා අහිමි වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

2014 -2018 යන වසර 04ක කාලය ඇතුළත අදාල විසා ප්‍රමාණය අවලංගු කිරීමට කුවේට් බලධාරීන්ට සිදුවී තිබේ.

2018 වර්ෂයේ පමණක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අයත් විදේශ ශ්‍රමිකයන්ගේ නේවාසික වීසා දෙදහස් පන්සිය එකක් අවලංගු කිරීමට සිදු වී ඇති අතර 2017 වර්ෂය හා සංසන්දනය කිරිමේදි 2018 වර්ෂය තුල පෞද්ගලික අංශයේ අවලංගු කළ වීසා ප්‍රමාණය 16,141 සිට 15,734 දක්වා අඩු වී තිබේ.

දැනට කුවේටය තුල නේවාසික වීසා ලබා සිටින විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව 1,531,000ක් වන අතර එහිදී ආසියාතිකයන් 957,000ක්, 549,000ක් අරාබි ජාතිකයන් වන අතර ඉතිරි ශ්‍රමිකයන් ඕස්ට්‍රේලියාව,අප්‍රිකානු සහ පැසිපික් රටවලින් පැමිණි අය බවත් එම පුවත්පත් නිවේදනයේ සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435