කුවේටයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි දිවයිනට 

රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු හාරසිය හතලිස් අටක පමණ පිරිසක් 2020/05/19 වන අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති  කමල් රත්වත්තෙ මහතා විසින් මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ. කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිසක් අඟහරුවාදා දහවල් ශ්‍රී ලංකාවට ලගාවන අතර ඉතිරි පිරිස එදිනම රාත්‍රී දිවයිනට පැමීණිමට නියමිතය.

මෙම පිරිසෙන් හැටපස් දෙනකු පමණ කුවෙට් රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටියවුන් වන අතර, 383 දෙනකු වීසා නොමැතිව කුවෙට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් වේ.

කටුනායක ගුවන්තොටුපලේදි නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම උපයෝගි කරගනිමින් ශාරීරික උෂ්ණත්වය පරික්ෂා කොට විෂබීජ හරනය කිරිමෙන් අනතුරුව මෙම පිරිස එදිනම යුධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතය.

කුවෙට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියකාරි මැදිහත් වීමෙන් කුවෙට් රාජ්‍ය බලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවෙහි ප්‍රථිපලයක් ලෙස මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435