කුවේටයේ සිට පැමිණි ලාංකිකයින් 49කට කොරෝනා

නව කොරෝනා වෛරසය ආසාදනය වු නවතම පුද්ගලයින් 52 දෙනාගෙන් ආසාදිතයින්ගෙන් 49 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එයින් 42 දෙනකු මින්නෙරිය නිරෝධායන සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් බව සඳහන්ය.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු අනෙක් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වු සමස්ත කොව්ඩි නයින්ටීන් රෝගින් සංඛ්‍යාව 1141ක් වෙයි.

වෛසරය ආසාදනය වු රෝගින් 674 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 458 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435