කුවේටයේ සිට ලාංකිකයන් පිරිසක් හෙට ගෙන්වන්න සූදානම්

රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්ත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු 448 පමණ පිරිසක් හෙට(19) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තෙ මහතා විසින් මෙම පිරිස කුවෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් පැමිණෙන මෙම පිරිස හෙට දහවල් ශ්‍රී ලංකාවට ළඟා වන අතර ඉතිරි පිරිස හෙට රාත්‍රීයේ දිවයිනට පැමීණිමට නියමිතව ඇතැයි සඳහන්ය.

මෙම පිරිසෙන් 65 දෙනෙක් පමණ කුවෙට් රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටියවුන් වන අතර, 383 දෙනකු වීසා නොමැතිව කුවෙට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන අයවළුන්ය.

කටුනායක ගුවන්තොටුපළේදි නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම උපයෝගි කරගනිමින් ශාරීරික උෂ්ණත්වය පරික්ෂා කොට විෂබීජහරණය කිරිමෙන් අනතුරුව මෙම පිරිස එදිනම යුද හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතව තිබේ.

කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියකාරි මැදිහත් වීමෙන් කුවෙට් රාජ්‍ය බලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස දිවයිනට ගෙන්වා ගැනෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435