කුවේටය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යක් වෙලඳපොළින් තහනම් කරයි

කුවේටයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් anthrax නම් රෝගය පැතිරී යාමේ අවධානම නිසා ඉතාලිය හා මෙක්සිකෝවෙන් ආනයනය කරන නැවුම් මස් හා ශීතකල මස් ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ.

මෙලෙස පනවන තහනම ආනයනික සියළුම වර්ගයේ නැවුම් හා ශීතකළ මස් හා ඒවා ආශ්‍රිත වෙනත් ආහාර නිෂ්පාදන, බිත්තර ආදියද වලංගු වෙන බවත් කුරුළු උණ රෝගය හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කළ බවත් කුවේට් වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය වාර්තා කර ඇත්තේ.

විශේෂයෙන් කුවේට් පුවත් සේවා පෙන්වා දෙන පරිදි කුරුළු උණ නිසා පසුගියදා ඉන්දියාව විසින්ද ඉතාලියෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරන නැවුම් හා ශීතකළ මස් හා ඒවායෙන් නිෂ්පාදිත ආහාර බිත්තර ආදිය වෙළඳපොළින් තහනම් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඔබත් කුවේටයේ සිටින අයෙක් නම් මේ දිනව හැකිතාක් ඔබේ සෞඛ්‍ය ගැන අවදානයෙන් පසුවෙන්න. පුළුවන් නම් මස් හා ඒවායෙන් සකසන නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වැලකී සිටින්න. යම් රෝගී තත්ත්වයක් ඇත්නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435