
විවිධාංගීකරණය වූ හා තිරසාර ආර්ථිකයක් පිළිබඳ වන ක්වෙයිට් රජයේ 2035 දැක්ම ඉදිරියට ගෙන යන මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් ළඟදීම දැකගත හැකි බව කුවේට් නිලධාරියෙක් පවසයි.
කුවේට්හි පරිසර මහජන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ෂෙයික් අබ්දුල්ලා අහමඩ් අල් සබා මහතා, දේශීය වෘත්තීය නිපුණතා ප්‍රදර්ශනයකට එක්වෙමින් මෙලෙස ප්‍රකාශ කර ඇති බව කුවේට් ප්රවෘත්ති ඒජන්සිය (Kuwait News Agency(KUNA) උපුටා දක්වයි.
කුවේට් ඉංජිනේරු සංගමයේ (KES) නියෝජිතයින් සහභාගී වූ මෙම සමුළුවේදී ආර්ථිකයේ අනිවාර්ය අංගයක් වන මානව ප්රාග්ධනය සංවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතුව ඇති බව ඔහු මෙහිදී පවසා තිබේ.
කුවේට්හි රාජ්‍ය හා පෞද්ගලික අංශවලට වැඩි රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා හමුදාවට බැඳීමට මෙය අවස්ථාවක් වන බවත්, මහජන ආයතනවල තදබදය අවම කිරීම සඳහා තවත් කුවේට් ඉංජිනේරුවන් පෞද්ගලික අංශයට බැඳීමට KES සැලැස්මක් සකස් කර ඇති බව මෙම අවස්ථාවට එක්වෙමින් ක්වෙයිට් ඉංජිනේරු සංගමයේ ලේකම් ෆහාඩ් අල් ඔටෙයිබි පවසා තිබේ.
එසේම කුවේටයේ ශ්‍රම වෙළඳපොලේ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය පිළිබඳව මිනිස්බල පිළිබඳ මහජන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉමාන් අල් අන්සාරි අනාවරණය කරනු ලැබ ඇත්තේ පෞද්ගලික අංශයට බඳවා ගැනීමේදී සාධාරණ කොටසක් ලබා දීමට රජය කටයුතු කරන බවයි.
වැඩබිම