කුවේටය ගුවන් ටිකට් පතට බදු ගසයි

කුවේට් රජය විසින් දියත් කරන ලද නව සැලැස්මකට අනුව කුවේටයෙන් පිටවන ගුවන් මඟීන් ලබා ගන්නා ගුවන් ටිකට්පත් සඳහා කුවේට් ඩිනාර් 8ක බදු මුදලක් අය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාල තීරණය සම්බන්ධයෙන් එල්ල කරන ලද පීඩනය හේතුවෙන් බදු අයකිරීම් කල් දැමීමට සිදුවූවත් කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ එළැඹෙන අප්‍රේල් මස සිට මෙම බදු අය කිරීම සිදුකරන බවයි.

මෙලෙස බදු අයකිරීම මඟින් උවේට් ඩිනාර් මිලියන 60ක බදු මුදලක් වාර්ෂිකව උපයා ගැනීමට කුවේට් රජය සැලසුම්කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

විශේෂයෙන් සංඛ්‍යා දත්ත පෙන්වා දෙමින් පසුගිය 2018 වර්ෂය තුළදී කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල හරහා ගුවන් මගීන් මිලියන 7.380ක් සිය ගමනාන්ත වෙත ගමන්කර තිබෙනබවත් 2019 වර්ෂයේදී එම ප්‍රමාණය තවත් ඉහළ යාමක් අපේක්ෂාකළ හැකි බැවින් බදු අයකිරීමේ සැලැස්ම වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435