කුවේටය ලෝකයේ උණුසුම් ස්ථානවලින් එකක් වෙයි- – ප්‍රවේශමෙන් සිටින්න!

කුවේට් රාජ්‍ය ලෝකයේ උණුසුම් ස්ථානවලින් එකක් ලෙස නම්කර තිබේ.

මේ දිනවල කුවේටයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මෙලෙස නම්කර තිබෙන අතර කුවේටයේ නගර කීපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.0 ඉක්මවා ගොස් ඇති බව අරාබි සංගමයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා පිළිබඳ ආචාර්ය කාලිඩ් අල්-සාක් ප්‍රකාශ කළේ.

2016 ජුලි 21 දින මෙට්‍රිබා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 53.9 දක්වා ඉහළ ගොස් ඇති බවට සහ වසර 76කට පසු පෘතුවියෙන් වාර්තා වු තුන්වන වැඩිම උෂ්ණත්වය කුවේටයෙන් සහ පකිස්ථානයෙන් පසුගියදා වාර්තා වු බවටආචාර්යවරයා සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ලෝකයේ මෙතෙක් වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ 1913 දි ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයෙන් වන අතර සෙල්සියස් අංශක 56.7කි.

ඔබත් කුවේටයේ සේවය කරන අයෙක් නම් මේ උෂ්ණකාලයේ වඩාත් ප්‍රවේශම් වෙන්න.එමෙන්ම එළිමහනේ වැඩ කරන ශ්‍රමිකයෙකු නම් අධික රස්නයෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435