කුවේටය විදේශිකයින් 148,000ක් පිටුවහල් කරයි – ලාංකිකයින් 12,000ක් ඒ අතර

කුවේට් රාජ්‍ය බලධාරීන් විසින් එරට නීතිවිරෝධීව රැඳී සිටි විවිද ජාතීන්ට අයත් විදේශිකයින් 148,000ක් පිටුවහල් කිරීමට කටයුතු කර තිබේ.

මෙම පිටුවහල් කිරීම් 2013 වර්ෂයේ සිට මේ දක්වා සිදුකළ ඒවා වන බවත් පිටුවහල් කළ අය අතර පිරිම් පුද්ගලයින් 88,000ක් හා කාන්තාවන් 60,000ක් සිටින බවයි සංඛ‍්‍යා වාර්තා පෙන්වා දෙන්නේ.

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, පිටුවහල් කරන ලද විදේශිකයන් අතර වැඩිපිරිසක් ඉන්දියානු ජාතිකයින් වන බවත් ඔවුන් සංඛ්‍යාත්මකව ගත්කල 29,000ක් වන බවත් පෙන්වා දෙයි.

ලැයිස්තුගත කිරීම්වලට අනුව පිරිමි පුද්ගලයින්ගෙන් ඊජිප්තු ජාතිකයින් 16,000ක්, බංගලාදේශ ජාතිකයින් 14,000 ක්, ශ්‍රී ලාංකිකයන් 5,000 ක්, නේපාල ජාතිකයින් 5,000ක්, ඉතියෝපියානුවන් 4,000 ක්, පිලිපීන ජාතිකයින් 1,700 ක් ඇතුළත් වෙයි.

පිටුවහල් කල කාන්තාවන්ගේ සංඛ්‍යා වාර්තා අනුව, ඉතියෝපියානුවන් 14,000ක්, පිලිපීන ජාතිකයින් (13,500), ශ්‍රී ලාංකිකයන් (12,000), ඉන්දියානුවන් (7,000), නේපාල (5,000), ඊජිප්තුවරුන් (400), බංගලාදේශ ජාතිකයින් (200) හා අනෙකුත් ජාතීන්ද ඇතුළැත්වෙන බවයි කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයේ සඳහන්කර ඇත්තේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435