කුවේටය සමාජ මාධ්‍ය ජාලවලට එරෙහි නඩු මඟට යයි

කුවේට් දරුවන්ගේ මනස විකෘති කරන සමාජ ජාල ගිණුම් දහ අටකට (18) විරුද්ධව රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන් මෙලෙස නඩු පවරා ඇති සමාජ මාධ්‍ය ජාල හරහා වෙළඳ භාණ්ඩ විකුණා ගැනීම සඳහා අනවශ්‍ය ලෙස මානසිකව පොළඹවීම් කර ඇති බවට මුලික විමර්ශනවලින් තහවුරු කරගෙන ඇත.

කුවේට් නීතියට අනුව, මාධ්‍ය භාවිතා කිරීමට අවම වශයෙන් වයස අවුරුදු 13වත් සම්පූර්ණ විය යුතු අතර දරුවන්ගේ මනස විකෘති කරන සමාජ ජාල ගිණුම්වලට සහ වෙළඳ දැන්වීම්වලට විරුද්ධව ඕනෑම පුද්ගලයෙක්ට අධිකරණය ඉදිරියට යා හැකි වන ආකාරයෙන් නීති සකස් කර ඇත.

ළමා මනස විකෘතිවීම් සම්බන්ධයෙන් දෙමාපියන්ට සහ භාරකරුවන්ට විරුද්ධවද නීතිමය පියවර ගත හැකි බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435