කුවේට්හිදී මරණයට පත් ශ්‍යාමලි වෙනුවෙන් ලක්ෂ 18ක වන්දි

කුවේට්හි සේවය සදහා ගොස් එහිදී මරණයට පත්වූ කුරුණෑගල, අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි සමරසිංහ ආරච්චිලාගේ ශ්‍යාමලී රම්‍යා කුමාරි මහත්මිය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු.1,846,962.21 ක වන්දි මුදලක් ලබාදීමට නියමිතය.

ශ්‍යාමලි මහත්මිය සේවය කරන අතරතුර හිසේ නහරයක් පිපිරීම හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවී මරණයට පත්වී තිබේ.

ශ්‍යාමලි මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වන එච්.එම්.සකුන්තලා හේරත් මැණිකේ මහත්මිය වෙත විදේශිය රක්ෂණ අරමුදල මගින් හිමිවිය යුතු රු.1,151,962.21ක වන්දි මුදලක් අද දින (2019.02.06) දින කාර්යාංශයේදී ලබාදෙන ලදී.

ඇය වෙනුවෙන් එරට වැටුප් ලෙස හිමිවිය යුතු රු.150,000.00 ක මුදලක් හා කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවට යාම හේතුවෙන් රක්ෂණ වන්දි වශයෙන් ඇයට හිමිවන රු.500,000.00 ක මුදලක් ඉදිරියේදී ඇය වෙත ලබාදීමට නියමිතය.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435