කුවේට්හි විදේශික ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය වියදම් ඉහළ යන ලකුණු

කුවේට්හි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය ජමාල් අල් හාබි විසින් මෑතකදී පල වූ විදේශීය ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය සේවා ගාස්තු වැඩිකිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය සාකච්ඡා කරගත් තීරණය පිළිබද වූ පුවත සත්‍ය බව තහවුරු කරන ලද බව දිනපතා “අරාබි ටයිම්ස්” වාර්තා කර තිබේ.

මෙලෙස ඉහළ යන විදේශීක ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු ලබන පෙබරවාරි  මස මැදභාගයේ සිට එරට තුළ බලපැවැත්වෙනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් අනාවරණය කර තිබේ. එමෙන්ම මෙලෙස වැඩි කරන ලද සෞඛ්‍ය සේවා ගාස්තු සහ රසායනාගාර පරීක්ෂණ සදහා අය කිරීම් පෞද්ගලික අංශය හා සසදන කළ 20% පමණ පරතරයකින් රාජ්‍ය ක්ෂේත්‍රය තුළ අඩුවෙනු  ඇතැයි තවදුරටත් පෙන්වා දේ.

අචාර්ය අල් හාබි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගිය දිනක පවත්වන ලද සාකච්ඡාවකදී විදේශීය ශ්‍රමිකයින්හට රජය විසින් සපයන සෞඛ්‍ය සේවාවන් සහ රසායනාගාර පරීක්ෂණ සදහාවන ගාස්තු පිළිබද සමාලෝචනයන් සිදුකළ බවයි.

එහිදී අනුමත කරගත් කරුණු අනුව X කිරණ හා පරීක්ෂණාගාර ගාස්තු වැඩිවිය යුතු බවත් එසේ වැඩි වුවත් එම ගාස්තු පෞද්ගලික ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ගාස්තු හා සන්සන්දනය කරන කළ 20% වත් අඩුවිය යුතු බවටත් තීරණය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435