කුවේට්හි සේවයට ගොස් අසරණ වූ සුලෝචනාට උපරිම සහන ලබා දීමට පියවර

වී.එම්.සුලෝචනා නම් සේවක මහත්මිය සම්බන්ධයෙන් පසුගිය දිනවල පුවත්පත් වල පලවූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුවේට්හි පිහිටි තානාපති කාර්යාලය මඟින් ඇය පිළිබඳව වාර්තාවක් ලබා ගන්නා ලදී.

මෙම සේවක මහත්මිය කුවේට්හි සේවය කළ කාලය තුළ හෝ ඊට ආසන්න කාල වකවානුවක් තුළ මෙම සේවක මහත්මියගේ ගමන් බලපත්‍ර අංකය හා නම සඳහන් කිසිදු පුද්ගලයකු තානාපති කාර්යාලයට පැමිණ ඇති බවට කිසිදු සාක්ෂියක් අදාල ලේඛන වල සහ පරිගණක දත්ත අනුව දක්නට නොමැති අතර විදේශ රැකියා නියෝජිත ආයතනය වෙතද මේ සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව කුවේට් තානාපති කාර්යාලයෙන් තහවුරු කර ඇත.

ඇයගේ පවුලේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යාංශය වෙත එම කාලවකවානුව තුළ පැමිණිල්ලක් ගොණුකර නොමැති අතර වසර 02 ක සේවා කාලයක් සඳහා වැටුප් නොලද බව කීවත් ඇය විසින් ඇයගේ පුතාට හා වෙනත් පුද්ගලයකුගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කළ සේවා යෝජකයා විසින් ලබා දුන් රිසිට්පත් වල මුළු වටිනාකම කුවේට් ඩිනාර් 2415 ක් (ආසන්න වශයෙන් රුපියල් 1,328,000.00 ක්) පමණ වන බව තානාපති කාර්යාලයේ වාර්තාවේ සඳහන් වේ. මෙම කාන්තාව සේවා කාලය අවසන් වී ගුවන් තොටුපල වෙත රැගෙන ගොස් ඇත්තේද සේවා යෝජකයා විසින් වන හෙයින් මේ සම්බන්ධයෙන් කිසිම විටෙක තානාපති කාර්යාලය දැනුවත් කිරීමක් ද සිදු කර නොමැති බව වැඩිදුරටත් වාර්තාවේ සඳහන් වේ.

යම් පුද්ගලයකු ශාරීරික හිංසනයට ලක්ව තානාපති කාර්යාලයට පැමිණිය හොත් කිසිම විටක එම පුද්ගලයා නැවත එම සේවා යෝජකයාට භාරදීම කිසිදු අවස්ථාවක සිදු නොකරන අතර මෙම සේවක මහත්මියට යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ තවදුරටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සොයා බැලීමක් සිදු කරනු ලබයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435