කුවේට් ගිය ලක් කතුන් 26ක් යලි දිවයිනට

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර විඳි කාන්තාවෝ 26 දෙනෙක් අද (17) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

 මොවුන්  තම සේවා කටයුතුවල නියැළී සිටියදී එම නිවෙස්වලින් සිදු වූ හිරිහැර හේතුවෙන් කුවේටයේ ශ්රී  ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබිණි.

 ඔවුන්ව “සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා  ඇත.

මොවුන් සියලු දෙනා තාවකාලික ගුවන් ගමන් බලපත්රු යටතේ පැමිණ ඇත. ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට්පත් මිලට ගෙන තිබේ.

 මොවුන් අතුරින් දෙදෙනකු පමණක් කුවේටයේ අවුරුදු 1 – 2 ත් අතර කාලයක් ගෘහ සේවයේ නියැළී තිබේ. ඉතිරි 24 දෙනාම වසරකට අඩු සේවා කාලයක් හිමි තැනැත්තියෝය. ඒ අතරින් 5 දෙනෙකුට අත්විඳීමට සිදු වී තිබූ හිරිහැර නිසා රෝගාතුර වී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435