කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටේ වැඩ හදිසියේ නවතියි

කුවේටයට බලපා ඇති අයහපත් කාලගුණය නිසා එරට ජන ජීවිතයට විශාල ලෙස බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අධික වැසි හා තද සුළන් නිසා කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටයුතු මේවනවිට අඩාල වී තිබෙන අතර ගුවන් යානා පැමිණිම හා පිටවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ තත්ත්වය නිසා ඊයේ උදෑසන ගුවන්තොටට පැමිණි ගුවන් යානා කිහිපයක් අවට රටවල ගුවන්තොටුපළවල් වෙත ගොඩබැස්සවීමට කටයුතු කිරීමට සිදුව තිබේ.

එසේම කුවේටයේ පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන පාසල්, විශ්ව විද්‍යාලද අයහපත් කාලගුණය නිසා වසා දැමීමට කුවේට් රජය කටයුතු කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435