කුවේට් රජය අසනීප නිවාඩු වලට සලකන්නේ මෙහෙමයි

පෞද්ගලික අංශය විසින් නිකුත් කරනු ලබන අසනීප නිවාඩු ක්‍රියාත්මක කිරීමේදී ක්වෙයිට් ඩිනාර් 2ක ගාස්තුවක් ඇතුළත් නව ක්‍රමවේදයක් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබේ.

නව ගාස්තු රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කිරීමට අයදුම් කරන අය සඳහා අදාළ වන අතර වෛද්‍ය පරීක්ෂණ සඳහා ක්වෙයිට් ඩිනාර් 20 ක මුදලක් දක්වා  විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන්  සැපයීමට නියමිතය.

ආබාධිත පුද්ගල ආධාර සහ වයස් තක්සේරුව අනුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ක්වෙයිට් ඩිනාර් 5-10 දක්වාද, වෛද්‍ය නිර්දේශ අනුව මෙම ගාස්තු ගණනය කිරීම් වෙනස්විය හැකිය.

මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වෙළඳ දැන්වීම් අනුමත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව බදු ගාස්තු පනවා ඇති අතර  සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන සඳහා දැන්වීම් බලපත්‍ර ලබා දීම සඳහා ක්වෙයිට් ඩිනාර් 50 දක්වාද,  සමාගම් හෝ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ දැන්වීම් සඳහා බලපත්‍ර ලබා දීම  සඳහා ක්වෙයිට් ඩිනාර් 100 දක්වාද මුදල් අය කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඖෂධ ලියාපදිංචිව, සෞඛ්‍ය නිෂ්පාදන, ආහාර අතිරේක සහ වෛද්‍ය සැපයුම් සඳහා ලියාපදිංචි කිරීමේ රසායනාගාරවල විශ්ලේෂණය සඳහා ගාස්තු අය කිරීම ද අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති බව gdnonline වාර්තා කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435