කුවේට් රජය විසින් සිරකරුවන් 750කට සමාව දෙයි

කුවේට් අමීර් ෂෙයික් සභා අල් අහමඩ් විසින් පසුගියදා එරට සිර කඳවුරුව්ල රැඳී සිටි පුද්ගලයින් 750කට ස්මාව ලබා දීම කටයුතු කර තිබේ.

කුවේටයේදි විවිද අපරාධවලට සම්බන්ධව වැරදිකරුවන් වී බන්ධනාගාරගතකර සිටි කුවේට් ජාතිකයින් හා විදේශික ශ්‍රමිකයින් 750ක් මෙලෙස සමාව හිමිකරගත් බවයි වාර්තා වෙන්නේ.

සමාව හිමිවූ අය අතුරින් සිරකරුවන් 500ක් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවත් ඉදිරි පිරිසගේ සිරගත කාලසීමාව අඩුකර නිදහස ලබා දීමටත් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, පෙබරවාරි 25 සහ 26 දිනවල යෙදෙන ජාතික සහ විමුක්ති දිනයන්ට පෙර සමාව ලබාදීමට සහ සිරකරුවන්ට ගෙවීමට ඇති දඩ මුදල් කපා හැරීමට කුවේට් අමීර්වරයා නියෝග කර ඇත.

2018 වර්ෂය තුළදීත් මේ ආකාරයෙන්ම සිරකරුවන් 2,800කට සමාව ලබා දීමට එමීර්වරයා කටයුතුකර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435