කුවේට් ලාංකිකයාගේ මරණය පිළිබඳව බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

අවාසනාවන්ත ලෙස මරණයට පත් ටෝනි කලකට ඉහත සිය බිරිඳගෙන් වෙන් වී වෙනත් සම්බන්ධතා පවත්වා ඇත.

ඒ සියල්ල නවතා දමා යළි තම බිරිඳ වෙත පැමිණ ගතව ඇත්තේ මාස 3 ක පමණ කාලයකි.

ඒ වන විට බිරිඳ හමුදා  සෙබළෙකුව සිටි  ලාංකික තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර සැමියාගේ යළි පැමිණීමෙන් එයට බාධා සිදු වී ඇත.

ටෝනි අතුරුදන් වී දින දෙකකට පසු මෙම තරුණයා ශ්‍රී ලංකාවට පැනගොස් ඇති අතර ඒ හේතුවෙන් ඔහු වෙත මිණී මැරුමේ සැකය එල්ල වී පවතී.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා සමග අමනාපයෙන් සිටි වෙනත් පාර්ශවයක් පිළිබඳවද පොලිස් අවධානය යොමු වී ඇත.

මළ සිරුර සොයා ගන්නා  අවස්ථාවේ එය නරක්  වී තිබී ඇති අතර රමාඩා හෝටලයට යාබදව ඉදි කරණ නව හෝටල් වැඩ බිමේ පාලු බිම් මහලේ කැලි කසළ වලින් වසා දමා තිබී ඇත.

download (7)

මුලාශ්‍රය: සිත් ටීවී

වැඩබිම

සබැඳි ලිපි: කුවේට්හී ලාංකිකයාගේ මළ සිරුර දින 8 කට පසු සොයා ගනී

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435