කුවේට් වල කරදර විඳ හිස් අතින්ම ආපසු එයි

කුවේට් ගෘහ සේවය සදහා ගොස් සිටියදී, එරට හාම්පුතුන්ගෙන්  විවිධ හිරිහැර, කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ  42 ක්   අද ( 27) උදෑසන  යළි ශ්‍රී ලංකාවට එවා තිබිණි.

ඔවුහු  ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවෝ වූහ.

වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද, ඔවුන්ට ඒ සදහා වැටුප් ගෙවා නොතිබුණි.

ඔවුන් ගෘහ සේවය සදහා යොමු කර තිබු  නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදර ඔවුන්ට සිදු වී තිබූ අතර, වැටුප් නොගෙවීම නිසා ද, මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට, පලා විත්, එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට, යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර, ඔවුන්ට හිමිවිය යුතු වැටුප්, එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබුණි .

පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර, ඔවුන් “සබායා ගිලිස්” සහ “අබු අලීෆා” හි රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත. මෙම රැදවුම් මධ්‍යස්ථාන වල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව, අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටිය බවද ඔවුහු සඳහන් කළහ.

මෙම පිරිස සලාම් ගුවන් සේවයේ ඕ.වී.- 431 දරණ ගුවන් යානයෙන් අද (27)  උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435