කුවේට් සිට කටුනායකට ආ ගුවන් යානයක අවාසනාවන්ත සිදුවීමක්

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපළ බලා පියාසර කළ  යූ.එල් 230 නම් ගුවන් යානයක් තුළදී ඉන්දියානු ජාතිකයෙකු මරණයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුතාජ් මුරුගන් නැමැති 52 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

ගුවන් ගමන අතරතුර මෙම පුද්ගලයා රෝගාතුරවී තිබෙන අතර ගුවන් කාර්ය මණ්ඩලය විසින් පැය 03කට අධික කාලයක් පුරා ඔහුට ඔක්සිජන් සපයමින් ආසන්නයේ ඇති ගුවන් තොටුපළටද ගොඩ නොබස්සවා කටුනායකට පැමිණ තිබේ.

කෙසේ නමුත් ගුවන් යානය කටුනායකට ගොඩ බස්සවන අවස්ථාවේදීම මෙම මඟියා මරණයට පත්වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත දේහය පිළිබඳව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය පවත්වා ඥාතීන් වෙත භාර දීමට කටයුතු කරන බවත් ගුවන් තොටුපළ ආරක්ෂක අංශය ප්‍රකාශ කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435