කුවේට් සිට පැමිණි ලාංකිකයාට 25,000ක දඩයක් ගෙවන්න සිදු වෙලා

විදේශීය දුම් වැටි තොගයක් නීතිවිරෝධී ආකාරයෙන් මෙරටට ගෙන ආ ලාංකික ගුවන් මඟියෙකු කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය 07 වෙනි දින පෙරවරු 10.00ට පමණ කුවේට් සිට පැමිණි කුවේට් ගුවන් සේවයේ කේ.යූ. 363 දරන ගුවන් යානයේ මෙරටට පැමිණ තිබේ.

මෙම නීති විරෝධී දුම්වැටි තොගය සූක්ෂම ලෙස ගමන් මළුවල බහා රැගෙන විත් තිබෙන අතර රුපියල් දාහත් ලක්ෂ හැට දෙදහසක් වටිනාකමකික්න් යුත් දුම්වැටි 35,240ක් අඩංගුව කාටූන් 176ක් ඔහු රැගෙන විත් තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භකර තිබෙන අතර අත් අඩංගුවට පත්වූ සියළුම දුම්වැටි රාජසන්තක කර තිබේ. තවද සැකකාර පුද්ගලයාට රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසටද නියෝගකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435