කුවේට් සිට පැමිණි 300කට ආසන්න පිරිසකට කොරෝනා

පසුගිය කාලසීමාව තුළ කුවේටයේ සිට මෙරටට පැමිණි පිරිස අතරින් 300කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුකරගෙන තිබේ.

කුවේටයේ ලබා දුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් මෙන්ම කොරෝනා නිසා කුවේටයේ අසරණවී සිටින පිරිස් මව් රටට ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් 19 හා 20 යන දෙදින තුළ 437 දෙනෙකු කුවේටයේ සිට මෙරටට පැමිණෙන ලදී.

ඔවුන් ත්‍රිකුණාමලය ක්ලැපන්ටන්, මංකි බේ සහ මින්නේරිය අයි. සී. ටී. යන නිරෝධායන මධ්‍යස්ථානවට යොමුකර තිබුණි.

කෙසේ වෙතත් මෙම පිරිස අතුරින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් පිරිසට කොරෝනා වැළඳුනේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරුණු අතර එහිදී හෙළිවී ඇත්තේ කුවේට්හි ඇතැම් හාම්පුතුන් තමන් යටතේ සේවය කළ අය රෝගීවූ පසු නිවෙස්වලින් පලවා හැර ඇති බවයි.

රෝගීවූ තවත් පිරිසක් සේවය කල නිවෙස්වලින් පලාවිත් තිබෙනවා. මෙම සියලූ දෙනාද නීති විරෝධීව කුවෙට්හි රැදී සිටි සෙසු ශී‍්‍ර ලාංකිකයන්ද එරට රැදවුම් මධ්‍යස්ථානවල සිටව ඇත්තේ සාමූහිකවයි. නව්‍ය කොරෝනා වෛරසය ඔවුන්ට ආසාධනය වී ඇත්තේ ඒ අනුව බව සැකකෙරෙනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435