කොරියන් සංක්‍රමණික සේවකයන්ට ගෙවන්නේ අඩුවෙන්ද?

කොරියාවේ සංක්‍රමණික සේවකයන්ට හිමිවන්නේ, කොරියානු සේවකයන්ට හිමි වන වැටුපට වඩා ඉතා අඩු වැටුපක් බවත්, සංක්‍රමණික හා කොරියන් ජාතික සේවකයන් අතර ඇති වැටුප් පරතරය ඉතා විශාල බවත්, කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එය OECD රටවල, සංක්‍රමණික හා දේශීය සේවකයන් අතර  වැටුප් පරතරවල වාර්තා වන ඉහළම අගය බව සඳහන්ය. ප්‍රමාණාත්මකව එය 1.55කි.

2015 වසරේ OECD Employment Outlook (රැකියා ඉදිරිදැක්ම) වාර්තාවට අනුව මෙම වැටුප් පරතර අතර වර්ධනයට හේතුවී ඇත්තේ ‘සේවක කුසලතාවයන්’ බව සඳහන්ව ඇත. නමුත් විද්වතුන් පෙන්වා දෙන්නේ වැටුප් වලට අදාලව, සංක්‍රමණික සේවකයන් වෙනස්කොට සැළකීමට භාජනය වන බවයි.

සංක්‍රමණික පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් වන IMO හි පර්යේෂකයෙකු වන ලී චැන්-වොන් මෙසේ කියයි.

“විදෙශිකයෙකුටත් එකම වැඩේට එකම ගෙවීම කරන බවට, අපේ රැකියා බලපත්‍ර පද්ධතිය හරහා සහතික වී තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම වෙන්නේ එක නෙවෙයි. බොහෝ රැකියා ස්ථාන වල එහෙම සමාන පඩි ගෙවීමක් වෙන්නේ නැහැ. ඊට හේතුව ඒ සේවකයන් අපේ රටේ සේවකයන් තරම් කුසලතා හෝ ඵලදායිතාවයක් ඇති අය නොවීමයි”

කොරියා කම්කරු හා සමාජ ආයතනයේ පර්යේෂකයෙකු වන කිම් යු-සුන් පවසන්නේ, කොරියානු ශ්‍රම වෙළඳපල තුල පවතින ජාතිවාදය මෙයට තවත් හේතුවක් බවයි. කාන්තා-පිරිමි, උසස් අධ්‍යාපයනය ලද නොලද, නිත්‍ය හා නිත්‍ය නොවන සේවකයන් අතර වැටුප් විෂමතාවයක් පවතින්නා සේම ජාතිය හේතු කොට ගෙනද වැටුප් විෂමතාවයන් දැකිය හැකි බව ඔහුගේ මතයයි.

“කොරියාව තමන්ගේ රටේ තියෙන සේවක හිඟය පුරවගන්න විදේශිකයන්ට ආරාධනා කරලා දැන් අවුරුදු 10කට වැඩියි. නමුත් තවමත් සංක්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් ගැන නිසි අවධානයක් යොමු කරලා නැහැ. ඒ වගේ අවස්ථාවක් තමයි සංක්‍රමණික සේවකයන්ගේ වෘත්තීය සමිතිය ලියාපදිංචියට අවුරුදු දහයක් විතර ප්‍රමාද වීම”   කිම් කියා සිටී.

කොරියාවේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලිය දත්ත වලට අනුව, පසුගිය අවුරුද්ද තුළ, සංක්‍රමණික සේවකයන්ගෙන් 60%කට පමණම මාසයකට ලැබී ඇති වැටුප වොන් මිලියන දෙකට වඩා අඩුය .

එමෙන්ම කම්කරු ප්‍රමිති නීති යටතේ යම් සේවකයෙකු සතියකට වැඩ කල යුතු උපරිම පැය ගණන 40ක් ලෙස සඳහන් කර තිබුණ ද, බොහෝ සංක්‍රමණික සේවකයන් පසුගිය වසරේ සතියකට පැය 50 ක් සේවයේ යෙදී ඇත.

විද්වතුන් පවසන්නේ සංක්‍රමණික සේවකයන්ගේ රැකියා ස්ථාන OECD කම්කරු ප්‍රමිතීන්ට වඩා අඩු මට්ටමක පවතින අතර සමාන රැකියා වල නිරත වන කොරියන් ජාතිකයන් ලබන වැටුපෙන් 80%ක් පමණක් ඔවුන්ට ලැබෙන බවයි.

ද කොරියා ටයිම්ස් ඇසුරිනි

OECD : The Organization for Economic Cooperation and Development (ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සඳහා වන සංවිධානය). ආර්ථික වර්ධනය , සෞභාග්‍ය  හා තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ධනවාදී රටවල්  34 ක් එකතු වී පිහිටුවා ගත සංවිධානයකි. කොරියාව 1996 සිට මෙම සංවිධානයේ සාමාජිකයෙකි.

වැඩබිම

මේ ලිපිය ප්‍රයෝජනවත්වේයැයි ඔබට හැඟෙන අයෙකු අතර බෙදා හරින්න 🙂

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වේ අඩවිය වෙත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435