කොරියානු භාෂා විභාගයේ අවසන් ප්‍රතිඵල නිකුත්වීම ගැන සුබ ආරංචියක්

ඇඟයුම් මත ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මත පවත්වන ලද 3 වන කොරියානු භාෂා විභාගයේ නිෂ්පාදන අංශයට අදාල විභාග ප්‍රතිඵල ගැන  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට රැකියා අපේක්ෂකයින්ට සුබ ආරංචියක් නිකුත්කොට තිබේ.

කාර්යාංශයේ එම නිවේදනයට අනුව කොරියානු භාෂා ප්‍රවීනතා පරීක්ෂණයෙහි අවසන් ප්‍රතිඵල 2018.11.09 එනම් අද දින හෝ ඊට පසුව යෙදෙන දිනයක ශ්‍රී ලන්කා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පලකරන බව දන්වා ඇත.

එමෙන්ම විභාගය පැවැත්වීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණ පිළිබඳ තොරතුරුද 2018.11.09 හෝ ඊට පසු දිනක කාර්යාංශයේ වෙබ් අඩවියේ පලකරන අතරම එම තොරතුරු බලා ගැනීමට වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙසත් දන්වා ඇත.

සම්පූර්ණ විස්තර ඇතුළත් විස්තර පත්‍රිකාව මෙතනින් බාගතකර ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435