කොරියානු රැකියා අපේක්ෂකයින්ට කාර්යාංශයෙන් නොමිලේ ලැබෙන අවස්ථාවක්

කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය හා කොරියානු රැකියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාව සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වැදගත් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව රැකියා බලපත්‍ර ක්‍රමයට අනුබද්ධිත ලකුණු ලබා දීමේ ක්‍රමවේදය (Point System) මත පැවැත්වෙන කොරියානු භාෂා විභාගය සහ විශේෂ විභාගය (Special TOPIK) අරමුණු කරගනිමින් කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගීත්වයෙන් ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.

සම්මන්ත්‍රණ මාලාවට අදාල කාලසටහන හා සම්පූර්ණ විස්තර ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින් දැක්වෙන ලින්ක් එක ඔස්සේ සම්බන්ධවී දැනගැනීමට හැකි අතර ඔබත් කොරියානු රැකියාවක් අපේක්ෂාවෙන් මේ වසරේ විභාගවලට පෙනී සිටීමට බලාපොරොත්තු වෙනවා නම් මේ අවස්ථාව මඟහැර ගන්න එපා…

සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න..

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435