කොරියාවෙ නීති විරෝධීව සිටීනම් පොදු සමාවක්

කොරියාවේ රැකියා සඳහා ගොස්, ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් එරට රැඳී සිටින ශ්‍රමිකයින්හට දඬුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පොදු සමා කාලය 2019 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2020 ජූනි 30 දින දක්වා මාස 6ක කාලයක් ක්‍රියාත්මක වන බව සඳහන්ය.

වීසා කාලය ඉක්මවා වලංගු වීසා නොමැතිව නීතිවිරෝධීව කොරියාවේ රැඳී සිටින්නන්ට මෙම කාලය තුළ ගමන් බලපත්‍රය, ස්වේච්ඡාවෙන් පිටත්වීම පිළිබඳ ප්‍රකාශය හා බෝඩින් පාස් එක කොරියාවේ රැදී සිටින ප්‍රදේශයේ ආගමන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, කිසිදු දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට අවස්ථාව ලබා දෙන බව වාර්තා වේ.

එසේම එම ප්‍රද්ගලයින් අසාදු ලේඛනයට ඇතුළත් නොකරන අතර, අවශ්‍ය නම් පසුව E-9, D-2, D-4, D-8 වර්ගයේ වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ හැකියාවද ලැබෙන බැව් නිවේදනය කර තිබේ.

කොරියාවේ නීතිවිරෝධිව රැදී සිටිමින් සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ මෙරට වෙසෙන ඥාතීන් වේ නම් මෙම පොදුසමා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නැවත දිවයිනට පැමිණිම සඳහා තම ඥාතින් දැනුවත් කරන මෙන් විදේශ සේවා නියුත්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1345 අංකය මගින් කොරියාවේ ආගමන ඇමතුම් මධ්‍යස්ථානය  ඇමතීම මගින් ලබා ගත හැකි බව විදේශ සේවා නියුත්ති කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435