කොරියාවේදී ඔබට නොමිලේ ලැබෙන අවස්ථාවක් – අයඳුම් කරන්න!

HRD Korea ආයතනය විසින් නොමිලේ සුවෝන් නගරයේදී පවත්වනු ලබන වෙල්ඩිං (ආගන් සහ විද්‍යුත් වෙල්ඩිං පාඨමාලාව) පුහුණුවීමේ පාඨමාලාව සඳහා අයඳුම්පත් භාර ගැනීම ආරම්භවී තිබෙන බව වාර්තා වේ.

මෙම පාඨමාලාව එළැඹෙන මැයි මාසයේ 13 වෙනි දින සුවෝන් නගරයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර ඇතැම් විට ආරම්භක දිනය වෙනස් විය හැකි බවත් සඳහන්.

පාඨමාලා කාලය තුලදී ගමන් වියදම් සහ දිවා ආහාරය ලබා දෙනු ලබන අතරම පාඨමාලාව අවසානයේදී HRD Korea මගින් සහතික පත්‍රයක්ද පිරිනැමේ.

ඔබත් කොරියාවේ සේවය කරන අයෙක් නම් ඔබටත් මේ අනඟි අවස්ථාවට අයඳුම්කළ හැකි අතර නොමිලේම පාඨමාළාවක් හදාරා වෘත්තීය හැකියාව දියුණු කර ගැනීමේ අවස්ථාවද හිමිවේ. පාඨමාලාව අවසානයේ වටින සහතික පත්‍රයක්ද හිමිවෙන බැවින් එය ඔබේ වෘත්තීය සුදුසුකම්වලට මෙන්ම රැකියාවේ තත්ත්වය වැඩිදුයුණු වීමටත් බලපානු ඇත. එබැවින් මේ අවස්ථාව මඟහැර ගන්න එපා.

අයදුම් කිරීම සදහා පහත දුරකථන අංකයට අමතන්න.

??010-9047-0997

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

උපුටා ගැනීම – කොරියා ලංකා සංසදය

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435