කොරියාවේදී කොරෝනා හැදුනොත් ප්‍රතිකාරවලට මුදල් ගෙවන්න වෙන ලකුණු

දකුණු කොරියානු රජය විසින් මෙතෙක් එරටදී කොරෝන අසාදනය වූ විදේශික ශ්‍රමිකයින්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ අතර එහිදී එක් පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා විශාල පිරිවැයක් දරන ලදී.

කෙසේ වෙතත් එම ක්‍රමවේදය වෙනසකට ලක්කරමින් සංශෝධිත නීතියට අනුව කොරෝනා ආසාදනය වී සිය රටට පැමිණි හෝ කොරියාව තුළදී කොරෝනා රෝගයට ගොදුරු වීම නිසා ප්‍රතිකාර ලබන විදේශිකයින්ට රෝහල් ගාස්තු ලෙස වොන් ලක්ෂ 46ක මුදලක් රෝගියාගෙන් අය කිරිමට තීරණය කර තිබේ.

එසේම රටවල් අතර ඇති ජාත්යන්තර සහයෝගීතා බැදීම් වලට අනුව කොරෝනා වැළදී පිටරටවල සිටින කොරියානු ජාතියකයන්ට නොමිලේ ප්‍රතිකාර කරන රටවල අදාළ ජාතිකයන්ගෙන් කොරියාවේදි රෝහල් ගාස්තු අය නොකරන බවත් දසහන්

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී කොරියාවට පැමිණි විදේශිකයන්ගේ ප්‍රමාණය 709 දෙනෙකි. අනුව ඇමරිකාව ඇතුළු රටවල් 25 ජාතිකයන්ට මෙරටදී රෝහල් ගාස්තු ගෙවීමට සිදුවෙනු ලැබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435