කොරියාවේදී හුරු දකුණත අහිමි වුණත් සැමට ආදර්ශයක් වූ ලක් තරුණයෙක් [Video]

දහසකුත් බලාපොරොත්තු, සිහින එක්ක කොරියාවේ සේවයට ගිය ලක් තරුණයෙකුගේ ජීවිතයේ නොදුටු පැතිකඩක් නිරූපනය කරන වීඩියෝ පටයක් සමාජ ජාලවල පසුගියදා ප්‍රචාරය වී තිබුණි.

ඒ කොරියාවේ සේවයට ගොස් මාස එකහමාරක් තරම් සුළු කාලයකදී අනතුරකින් හුරු දකුණු අතර අහිමිවූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ලක් තරුණයෙකුගේ ජීවිත කතාවේ එක් පැතිකඩකි.

ඔහු නමින් රොෂාන් වන අතර අවුරුදු 24ක තරම් පොඩි වයසකදී දකුණු අත අහිමිවීමත් සමග අදටත් එක් අතකින් හිතේ ශක්තියෙන් කොරියාවේ සේවය කරන තරුණයෙකු ලෙසට කොරියාවේ සිටින ලාකිකයින් සැමට ආදර්ශයක් ලබා දී තිබේ.

පුචි කඩා වැටීමකදී පවා ජීවිතයේ පරාජය බාරගන්න තරුණ තරුණියන්ට රොෂාන්ගේ කතාවෙන් ලබා දෙන්නේ මහත් ආදර්ශයකි. සම්පූර්ණ වීඩියෝව පහතින් බලා ඔහුගේ අරමුණ ඉටුකරගන්න ඔබේ දායකත්වයද ලබා දෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435