කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින්ගේ ඉදිරි කාලය අවදානම් [Video]

කොරියාව තුළ නීති විරෝධීව රැදී සිටින විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ අගයකට පැමිණීම නිසා එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් කොරියාව තුළ නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයින් හසු කර ගැනීමේ ආරක්ෂණ යාන්ත්‍රණය වඩාත් දැඩි කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව සේවා ස්ථානවලට පැමිණ අදාල සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

පහතින් දැක්වෙන වීඩියෝවේ දැක්වෙන්නේ එලෙස සේවාස්ථානයකට පැමිණ සේවකයින්ගේ හැඳුනුම්පත් පරීක්ෂාකර බලන ආකාරයයි.

කෙසේ වෙතත් කොරියාව තුළ නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයින් ඉදිරි කාලයේදී වඩාත් සැලකිල්ලෙන් පසුවිය යුතු අතර විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතු කාරණයක් වන්නේ ඔබ කුමන හේතුවක් මත වුවද කොරියාව තුළ නීති විරෝධී අන්දමින් රැදී සිටින්නේ නම් අවස්ථාව ලද විගස තම මව් රටවල් බලා පැමිණීම වැදගත් වන බවයි.

වැඩබිම

වීඩියෝ පටය උපුටා ගැනීම – Korean Job Help Center කොරියාවේ අපි වෙනුවෙන් අපි පිටුව

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435