කොරියාවේ පිරිසකගේ රැකියා සිහින බොඳවෙද්දී, කොරියා යන්න ඉන්න අයට සුබ ආරංචියක්!

පසුගිය කාලයේ බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ ජීවන තත්වයේ වෙනසක් කිරීමට සමත් වූ කොරියා රැකියා පිළිබඳව කොරියාවේ දැන් සිටින පිරිසකට අසුබ දායී පුවතක්ද කොරියා රැකියා සඳහා යාමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට සුභ දායී පුවතක්ද පසුගිය දා වාර්තා වී තිබුණා. එහි සදහන් වූ ආකාරයට,

නියමිත සේවා කාලය අවසන් වී දකුණු කොරියාවේ තවදුරටත් රැදී  සිටින ලාංකිය ශ්‍රමිකයන් අත්අඩංගුවට ගෙන වහාම මව් රටට එවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කොරියානු රජයට දැනුම් දී තිබෙනවා. අප කළ විමසිමකදි කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ නීතී විරෝධිව දකුණූ කොරියාවේ රැදි සිටින ලාංකික ශ්‍රමිකයන් සංඛයාව දස දහස ඉක්මවන බවයි.

රැකියා ගිවිසුමට අනුව දැනට ශ්‍රමිකයෙකුට දකුණූ කොරියාවේ සේවය කල හැකි වන්නේ වසර 4 යි මාස 10 ක කාලයක් පමණයි. කොන්ත්‍රාත් කාලය අවසන් වු පසු  ශ්‍රමිකයන් එරට රැදි සිටිම හරහා ලංකාවේ කීර්ති නාමයටද යම් හානියන් සිදුවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කලා.

ඉදිරියේදී ශ්‍රමිකයන් සැපයීමේදී  ගැටලු මතුවන බවයි කාර්යංශයේ අදහස වන්නේ. එබැවින් නියමිත කොන්ත්‍රාත් කාලය අවසන් වු පසු නැවත පැමිණෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය දකුණූ කොරියාවේ සේවය කරන ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.මේ අතර දකුණූ කොරියාවේ රැකියා සදහා යොමු කෙරෙන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව දස දහස දක්වා ඉදිරියේදී වැඩි කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.   ඒ සම්බන්ධයෙන් කොරියානු රජයෙන්ද ඉල්ලීමක්  කල බව උපුල් දේශප්‍රීය මහතා සදහන් කලා. ඊට එකගතාවක් ලැබුණහොත් මෙරට කොරියානු පුහුණූ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙනු ඇති. මේවන විට දකුණූ කොරියාවේ සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයන් සංඛයාව විසිපන් දහසකට ආසන්නයි.

නියමිත කොන්ත්‍රාත් කාලය අවසන් කර යළි මව් රටට පැමිණිය හොත් පරිඝණක ආශ්‍රිත විශේෂ විභාගයකට පෙනි සිට ඔවුන්ට යළිත් කොරියාවට යාමට අවස්ථාව පවතිනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435