කොරියාවේ රැකියා සදහා අයදුම් කිරීමේදී මේ ගැනත් සිතන්න

වර්ෂයක් පසා ලාංකික ශ්‍රමික ප්‍රජාවට කොරියාවේ රැකියා අවස්ථා රැසක් හිමිවේ. අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් අතුරින් මෙම අවස්ථාව හිමිවන්නේ කොරියා භාෂා පරීක්ෂණයට මුහුණදී ඉන් සමත්වන සුළු පිරිසකට පමණි.

කොරියාවේ රැකියා සදහා පවත්වනු ලබන විභාගය සදහා ඉදිරි දින කිහිපය තුළ අයදුම්පත් නිකුත් කරන අතර කොරියානු විභාගය සදහා ඉදිරිපත්වෙන රැකියා අපේක්ෂකයින්ට විභාගය මෙන්ම අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී වැදගත් කරුණු රැසක් පවතී.

මෙහි ඇති වැදගත්කම වන්නේ කරුණු වලට වඩා ලබාදෙන උපදේශයයි. කොරියා විභාගයට පෙනී සිටින බොහෝ අයදුම්කරුවන් සැලකිලිමත් නොවන එහෙත් සේවා ගිවිසුමක් ලැබීමේදී (Agreement) වැදගත්වෙන කරුණු කිහිපයක් ඇත. අනිවාර්ය සාධක සේ දක්වා නොමැති වුවත් යම් අයදුම්කරුවෙකු කොරියන් විභාගය සදහා විභාග ප්‍රවේශපත්‍රය ලබා ගන්නා අවස්ථාවේ ඉදිරිපත් කරන ඡායාරූපය ඉතා වැදගත් සාධකයක් බවට නොදන්නවා විය හැකිය. බොහෝ අයදුම්කරුවන් ඉදිරිපත් කරන ඡායාරූපය පිළිබඳව සැලකිල්ලක් නොදක්වන අතර ඔබ කොරියා විභාගය සමත්වී රැකියාවක් සදහා තෝරා ගැනීමට ප්‍රබලව බලපාන එක් සාධකයක් ලෙස මෙම ඡායාරූපයද දායකත්වයක් ලබා දේ.

ඕනෑම අයදුම්කරුවකුගේ විස්තර කියවීමට ප්‍රථම ඉදිරිපත්කර ඇති ඡායාරූපය කෙරෙහි අවධානය යොමුවීම සාමාන්‍ය කරුණකි. පෙනුම, ඇදුම් පැළදුම් වල වැදගත් බව, පිළිවෙළ මේ සියල්ලෙන් අයදුම්කරුවන්ගේ පෞර්ෂය ඉස්මතුවෙන අතර ප්‍රියමනාප පුද්ගලයින් තෝරා ගැනීම කෙරෙහි සේවා සමාගම් වැඩි අවදානයක්ද යොමු කරයි.

ඔබ ඉදිරිපත් කරන ඡායාරූපය අනුව සේවායෝජකයින් යම් තක්සේරුවක් ඔබ වෙත ලබා දෙන අතර ඉදිරිපත්කරන ඡායාරූප අන්තර්ජාලයේ පල වීමත් සමග සේවක සමාගම් ප්‍රථමයෙන් රැකියාව සදහා අයදුම්කරුවන්  තෝරා ගැනීම සිදු කරනුයේ එම ඡායාරූපය දායකකොට ගෙනය.

කොරියාවේ රැකියා සදහා මෙවර අයදුම් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ට මෙහිදී ලබා දියයුතු උපදේශය වන්නේ ඔබ ඉදිරිපත් කරන සියළු තොරතුරු කෙරෙහි වඩ වඩාත් සැලකිල්ලක් දක්වනවා සේම ඡායාරූපය පිළිබඳවත් සැලකිල්ලක් දැක්වීම යහපත් වන බවයි.

මීට අමතර කරුණක් ලෙස අයදුම්කරුවන් මුහුණ දෙන වෛද්‍ය පරීක්ෂණය තුළ ඔබගේ උසට, වයසට, ස්ත්‍රී/පුරුෂ භාවයට සාපේක්ෂව බර ප්‍රසස්ථ මට්ටමක පවත්වා ගැනීමද අතිශය වැදගත් කාරණයක්වන අතර කොරියාවේ රැකියා ලබා දීමේදී සේවකයින්ගේ සෞඛ්‍ය තත්වය, නිරෝගී බව මෙන්ම පෞර්ෂය කෙරෙහිද වැඩි සැලකිල්ලක්ද දක්වනු ලැබේ.

වැඩබිම

සබැඳි ලිපි

කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ඇරඹේ

2017 විදේශික හ්‍රමිකයින්ට කොරියාවෙන් හිමි රැකියා ප්‍රමාණය මෙන්න 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Author says:

    මෙවර විභාගයේ කඩයිම් ලකුණු කොහොම වෙයිද? 2019 වර්ෂයට කම්කරුවන් කී දෙනෙකුට වීසා හිමිවෙයිද?

    (0)(0)



    0



    0
  2. Author says:

    2019 කොරියන් විභාගය කවද්ද? අයදුම්පත් කවද්ද බාරගන්නේ??

    (5)(8)



    1



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435