කොරියාවේ සිටින, රැකියා අපේක්ෂාවෙන් පසුවෙන සැමට කාර්යාංශයෙන් දැනුවත්කිරිමක්

දැනට දකුණු කොරියාවේ සේවය කරන හෝ ඉදිරි කාලයේ දකුණු කොරියාවේ සේවය සඳහා විදේශගතවීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ සිහිපත් කිරීමක් සිදුකර තිබේ.

විශේෂයෙන් කොරියානු ජනරජය තුළ සේවය සඳහා පැමිණෙන විදේශකයින් විසින් සිදුකර අපරාධ දිනෙන් දින ඉහළට යාම පසුගිය වසර කිහිපය තුළදීම පැහැදිලි ලෙස පෙනෙන්නට තිබූ අතර එහිදී බොහෝ ශ්‍රමිකයින්ට නීතියෙන් දඬුවම්ද හිමිවී ඇත.

මිලියන 2.5කට අධික විදේශිකයින් දකුණු කොරියාවේ වෙසෙන අතර ඔවුන් විසින් සිදුකරන ලද අපරාධ සංඛ්‍යාව පසුගිය වසර 05 තුළ වසරක සාමාන්‍ය අගය 36,000ක් පමණ වන බවත් සඳහන්.

මෙවැනි අපරාධවලට වරදකරුවන් වන බොහෝ විදේශිකයින් පවසන කාරණයක් වන්නේ එරට තුළ නීතිය බලපැවැත්වෙන ආකාරයත් නීතිය ක්‍රියාත්මක වීම් මෙන්ම ඊට හිමිවෙන දඬුවම් ආදිය ගැනත් පූර්ණ අවබෝධයක් නොමැති කම නිසා අපරාධවලට සම්බන්ධවී දඬුවම් විඳින බවයි.

එබැවින් ඔබ දැනට දකුණු කොරියාවේ සේවය කරන අයෙක් නම් හෝ ඉදිරි කාලයේ දකුණු කොරියාවේ සේවය සඳහා යාමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් හෝ මෙම නීති රීති ගැන නිවැරදිව දැනගන්න. කාර්යාංශයෙන් නිකුත්කර තිබෙන පහත තොරතුරු කියවන්න. අවබෝධයක් ලබා ගන්න.

කාර්යාශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න....

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435