කොරියාවේ සේවය කරන ශ්‍රමිකයින්ට වැදගත් නිවේදනයක්

කොරියාවේ තම  සේවා කාලය අවසාන කර නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකකියන් බෝදෙනකු තම රක්ෂණාවරණ ප්‍රතිලාභ මුදල් ලබා නොගෙනම තම මව්රටට පැමිණෙන බව කොරියා මානව සම්පත් සංවර්ධන අංශය ප්‍රකාශ කරයි.

මෙම රක්ෂණාවරණය පිළිබඳව ශ්‍රමිකයින්ගේ නොදැනුවත්කම නිසා සිදුවන බවත්, එරටදී සේවය කරන විට රක්ෂණාවරණ හතරක් ලැබෙන බවත්, එයින් ප්‍රතිලාභ ලබාගත හැක්කේ පිටත්විමේ සහතික කරන රක්ෂණාවරණය හා ආපසු යාමේ වියදම් රක්ෂණයේ ප්‍රතිලාභය. ඒවා ආපසු පැමිණිමේදී ගුවන් තොටුපලේදී ලබාගත හැකිය.

ශ්‍රමිකයින් බොහෝ දෙනකු මෙම ප්‍රතිලාභ ලබානොගෙනම පැමිණෙන බවත්, නැවත ශ්‍රී ලංකාවට පැමිණ පසුද මෙම ප්‍රතිලාභ ලබාගත හැකි බැවින් ඒ සඳහා අයදුම්පත් කොරියා මානව සම්පත් සංවර්ධන අංශයෙන් ලබාගෙන පුරවා එම අංශයටම ලබාදීමෙන් ලබාගත හැකි බව පවසයි.

එසේ තම ප්‍රතිලාභ ලබානොගත් ශ්‍රී ලාංකිකයන් සිටීනම් වහාම එම අයදුම්පත පුරවා කොරියා මානව සම්පත් සංවර්ධන අංශයට ලබාදෙන ලෙසද ඉල්ලීමක් කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435