කොරියාවේ සේවය කළ තවත් ලාංකිකයෙක් අතුරුදහන්

කොරියාවේ සේවයේ නියුතුව සිටි තවත් ශ්‍රී ලාංකික තරුණයකු මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව කොරියානු තානාපති සේවා ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කොරියාවේ ධීවර අංශයේ රැකියාවේ නිරතව සිටි මතුගම, යටදොළවත්තේ පදිංචි කරුවෙකු වූ බෙන්තර මාපලගමගේ අනුර ක්‍රිෂාන්ත නම් 37 හැවිරිදි පුද්ගලයෙකි.

අතුරුදහන්ව ඇති ලාංකික තරුණයා දකුණු කොරියාවේ හේනම් වෙරළ තීරය ආසන්නයෙන් මුහුදු ගිය යාත්‍රාවක සේවය කර තිබෙන අතර එහිදී මුහුදට වැටීමෙන් මෙලෙස අතුරුදහන්ව තිබෙන බව තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

කොරියානු ආරක්ෂක අංශය විසින් මේ වනවිටත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අතුරුදහන්වූ පුද්ගලයා සොයා මෙහෙයුම් කටයුතුද ආරම්භ කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435