කොරියා රැකියා සිහිනයේ පිටට නොපෙනෙන කටුක ඇත්ත [Video]

වසරක් පාසා ලොව වටා විශාල පිරිසක් කොරියානු රැකියා සදහා අයදුම් කරන අතර ඉන් රැකියා අවස්ථාව ලැබෙන්නේ සැලකිය යුතු තරම් අවම පිරිසකටයි. එහිදී කොරියානු භාෂා විභාගය මෙන්ම කුසලතා පරීක්ෂණයද සමත්වීමද අතිශය වැදගත් වෙයි.

මේ සියළු විභාග සමත්ව,සැපිරිය යුතු සුදුසුකම් සපුරා කොරියාවේ රැකියාවකට සුදුසුකම් ලබීම බලාපොරොත්තු සඵල වීමක් වුවත් රැකියාවන්ගේ ස්වභාවය ගත් කළ හිතන තරම් මිහිරි අත් දැකීමක් නොවෙන බව දැනට කොරියාවේ සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

පහතින් දක්වා ඇති වීඩියෝ පට ඒ කාරණය තවදුරටත් තහවුරු කරන අතරම ඉදිරි කාලයේ කොරියාවේ රැකියාව සදහා යාමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික තරුණයින්ට ඔවුන්ට හිමි රැකියා ස්වභාවයන් සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා ගැනීමට ඉවහල්වෙනු ඇත.

පසුගිය කාල වකවානුව තුළ කොරියාවේ සේවයට ගිය ලාංකික තරුණයින් කිහිප දෙනෙකුටම හදිසි අනතුරු, සේවා ස්ථානවල සිදුවෙන අනතුරු නිසා සිය ජීවිත අහිමි වි ගිය පුවත් වාර්තා විය.

එබැවින් ඔබත් කොරියාවේ රැකියාවකට යාමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් රැකියාවේ ස්වභාවය අනුව ආරක්ෂාකාරී වීම අතිශය වැදගත් වෙන අතරම හැකි සෑම විටම සේවා පරිසරයේදී අත්විඳීමට සිදුවෙන කටුක අමිහිරි, මෙන්ම අවදානම් බව පිළිබඳවත් අවබෝධයකින් පසුවීම වැදගත් බව සිහියේ තබා ගන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435