කොරෝනාවලට එරෙහි එන්නතක් ගැන අලුත් බලාපොරොත්තුවක්

එලඹෙන ඔක්තෝබර් මාසයේ දී කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් හදුන්වා දීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

මේවන විට නව එන්නත නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව රුසියානු රජයේ වයිරස හා ජෛව තාක්‍ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් රිනාත් මැක්සියුටොව් සදහන් කර ඇත.

පසුගිය ජූලි මාසයේදී අදාළ එන්නතේ මූලික අදියරයේ සායනික අත්හදා බැලීම් සිදු කර තිබෙනවා. එම අත්හදාබැලීම් සාර්ථකව සිදුව ඇති බව වාර්තා වේ.

එරට වෛද්‍යවරුන්ට හා ගුරුවරුන්ට එන්නත මුලින්ම ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ දක්වා රුසියාවේ කොරොන වයිරස් රෝගීන් 850,870 ක් තහවුරු වී ඇති අතර ආසාදිතයින් 650,173 ක් රෝගයෙන් සුවය ලබා ඇත. රුසියාවේ නවතම දත්ත මගින් රට පුරා මරණ 14,128 ක් වාර්තා වී ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435