කොරෝනා ආසාදනය වී දෙවන පුද්ගලයාත් මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට මීගමුව රෝහලට ඇතුළත් කර තිබූ පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකි.

හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මීගමුව රෝහලට ඇතුළත් වූ මෙම පුද්ගලයා සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් සිදුකළ විමර්ශනවල දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මෙරටින් වාර්තා වූ දෙවන කොරෝනා මරණය මෙයයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435