කොරෝනා නිසා ඕස්ට්‍රේලියාව සීරුවෙන් -ප්‍රවේශමෙන් කටයුතු කරන්න

කොරෝනා වෛරසය ආසාදිත මරණ 6 ක් ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර වෛරස් ආසාදනය වූ පුද්ගලයන් 600 දෙනෙකු පමණ සිටින බව තහවුරු කරගෙන ඇත.

කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය අනෙක් රටවල් හා සසඳන විට සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් බවයි.

මෙම ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ ය.

ඕස්ට්‍රේලියානු නොවන සියලු වැසියන්ට සිකුරාදා (20) රාත්‍රී 9.00 සිට  රට තුළට ඇතුළුවීම තහනම් කරන බව ද හෙතෙම පවසයි.

මොරිසන්ගේ කාර්යාලය පැවසුවේ තහනම දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන බවයි.

අසල්වැසි නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් ද විදේශිකයන් සඳහා දේශ සීමා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර එය අද (19) සවස ආරම්භ වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435